Beauty
මුහුණේ පැහැපත් බව රකින ස්වභාවික ආලේප
කාර්යබහුල ජිවන රටාව, ආතතිය , අව්වට පිළිස්සීම ,පෝෂණ දුර්වලතා නිසා අපේ සම අවපැහැ ගැන්වෙනවා. සැලුන් ගානේ යනවාට වඩා ගෙදර ඉඳන්ම ඔයාට මුහුණට පුංචි සත්කාරයක් කරගන්න පුළුවන් උනොත් මුදල් වගේම කාලයත් ඉතිරි කරගන්න පුළුවන් නේද? මෙන්න තියෙනවා අඩු වියදම් සහිත ස්වභාවික pack කිහිපයක්. ඔයත් Try කරලම බලන්නකෝ..
මුහුණේ සම දුර්වර්ණ වෙලාද? මේ සත්කාරය මුහුණට
බෙලි මද සුරා එයට මී පැණි මිශ්‍රකර මුහුණේ තවරන්න
අලි පේර මී පැණි සමග මිශ්‍රකර තැවරීම
රාබු අල සිහින්ව සූරා පරිප්පු සහ මී පැණි මිශ්‍රකර තැවරිම
රාබු අල යුෂ ගෙන එය තනිකර මුහුණේ තැවරීමෙන් සමෙහි වන දුර්වර්ණය මැකී සම පැහැපත් වෙයි.
කුරුලෑ ගැටලුවට
ආමන්ඩ් ඇට ඇල්වතුරෙන් අඹරා රැයක් තබා ආලේප කිරීමෙන් කුරුලෑ මතුවීම අඩු කෙරෙයි.
නිවෙසේදී ෆේෂල් එකක් කර ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පැක් එක ඔබටම සකස් කර ගන්නට පුළුවන්.
කෘති‍්‍රම දේවල් වලට වඩා සම පැහැපත් කරලීමේ හැකියාවක් ස්වාභාවික ද්‍රව්‍ය වල අඩංගුව පවතියි.ෆේෂල් එකක් කිරීමට පෙර මුහුණ හොඳින් පිරිසුදු කර ගත යුතුයි. ඒ සඳහා ක්ලෙන්සර් එකක් භාවිතා කළයුතු බව ඔබ මීට පෙර අසා ඇති. මෙහිදී සම පිරිසුදු කරන ක්ලෙන්සර් එකක් වශයෙන් තක්කාලි යුෂ මුහුණේ තවරා මඳ වේලාවකින් සෝදා හරින්න.ඉන්පසු පැක් වර්ග වශයෙන් මී පැණි, ගස්ලබු යුෂ, බිත්තර කහමදය කළවම් කර එය මුහුණේ තවරන්න. මෙය සාමාන්‍ය සමක් ඇති අයට සුදුසුයි.
ක්ෂණික ප්‍රතිපල දකින්න කැමතියි නේද? මෙන්න විසඳුම
ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩිකර බිත්තර කහමදය සමඟ කළවම් කර තවරන්න. මෙමගින් ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මෙම පැක් එක යෙදූ විට මුහුණේ හොඳ වෙනසක් දක්නට පුළුවන්.
ඔයාගෙත් ඇස් වටේ කලුවෙලාද?
ඇස්යට කළු පැහැයක් තිබෙනවා නම් වෙනිවැල් ගැට කුඩු, අමුකහ මිශ්‍රකර එය ඇස්වට තවරා මිනිත්තු 20 ක් පමණ තබා සෝදා හරින්න. ඉන් ඇස්වටා කළු ගතිය මඟ හරවා ගත හැකියි.
(under the courtesy of goodhousekeeping.lk web)